මේ මාසයේ සිට රාජ්‍ය සේවකයින් පිරිසකට අමතර දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් ඇතුළු තනතුරු කිහිපයකට අමතර දීමනාවක් ලබාදීමට පියවර ගෙන ඇති බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඒ, අනුව මේ මාසයේ සිට ලබන දෙසැම්බර් දක්වා ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරි යන තනතුරු සඳහා එම දීමනාව ලබා දෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම දීමනාව ලබාදෙන බවයි.
sfm news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *