අපේ අරමුණ ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමයි – සජිත්


September 29,2024

අප රට සෑම අතකින් ම අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් මේ තුළින් අසරණ වන්නේ අතිමහත් බහුතර ජනතාව බවත් වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රට වෙනුවෙන් ජයග්‍රහණය කර රට දිනවීමට කටයුතු කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බහුවිධ ගැටලුවලට මුහුණ දී ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් ලබා දීමේ දී නායකත්වය ලබා දෙන බවත් ජනතා ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙන බවත් මේ වැඩපිළිවෙළ හා දර්ශනය තුළ රට දිනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ක්‍රියාවලිය එක් අයකුට කළ නොහැකි දෙයක් බවත් සියලු දෙනාම සක්‍රීය ව දායක විය යුතු බවත් රටේ ඇති වැදගත් බලවත් දේශපාලන බලවේගය වන්නේ සමගි ජන බලවේගය බවත් කඩාකප්පල් කිරීම හෝ ප්‍රශ්න ඇති කර දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම නොව ප්‍රගතිශීලී ව කටයුතු කර රටටත් ජනතාවටත් ධනාත්මක විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වැල්ලම්පිටියේ දී කොලොන්නාව ආසන ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදීය.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *