ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (15) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තරිඳු මදුෂාන් සුවාරිස් නම් වයස අවුරුදු 31ක් වූ පුද්ගලයෙක්.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර දෙහිවල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *