asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් ඉදිරියේදි තොරාපත් කරගන්නා ඔනැම රජයක් යටතෙදිද දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත් පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අවධාරණයිකරන කරයි

ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වන බව ද ඒ මහත්මිය පැවසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ පසුගිය 12 වැනිදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *