පාස්කු ඉරිදා දිනය අදයි

පාස්කු ඉරිදා දිනය අදයි

කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (31) යෙදී තිබෙනවා.

දෙවියන් වහන්සේගේ පුතණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ටානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.

මේ අතර අදට යෙදී තිබෙන පාස්කු දිනය නිමිත්තෙන්, පාස්කු දේව මෙහෙයන් පවත්වනු ලබන සියළුම කිතුණු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *