ලංකාවේ පොර්ට් සිටියේ ඩියුටි ෆ්‍රී කඩෙන් බඩු ගන්න පුළුවන්

September 10, 2024

asianewsplusone.com sfmnewslk.com

කොළඹ වරාය නගර (Port City) පරිශ්‍රයේ ඉදිකෙරුණු, මෙම කලාපයේ පළමු තීරුබදු රහිත(Downtown Duty-Free) සාප්පු සංකීර්ණය පසුගිය දා විවෘත විය.

සාමාන්‍යයෙන් විදෙස් සංචාරයක නිරත වන යම් අයෙකු තීරු බදු රහිත මිලදී ගැනීම් සඳහා සුදුසුකම් ලබන්නේ නම්, ඔහු හෝ ඇය ගුවන් තොටුපළක පිහිටි තීරුබදු රහිත සාප්පුවලින් අදාළ මිලදී ගැනීම් කළ යුතු වුවත්, එම පහසුකම මෙම සාප්පු සංකීර්ණය හරහා ලබාගැනීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.

ඒ අනුව මෙහි සාප්පු සවාරියේ යෙදීම සඳහා සුදුසුකම් ලබන පාර්ශව ප්‍රධාන වශයයෙන් 4 කි.

  1. ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්
  2. සංචාරකයන්
  3. ශ්‍රී ලංකාවෙන් පිටත්වන ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයන්
  4. රාජ්‍යතාන්ත්‍රිකයන් හා රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන

එබැවින් ඉහත කාණ්ඩවලට අයත් නොවන පුද්ගලයින් හට මෙම සාප්පු සංකීර්ණයට ප්‍රවේශවීමේ අවස්ථාව නොලැබෙනු ඇත.

යම් අයෙකු ශ්‍රී ලංකාවේ සිට පිටරටකට යන්නේ නම් ඊට පෙර මෙම සාප්පු සංකීර්ණයට පැමිණ භාණ්ඩ මිල දී ගත හැකි අතර අදාළ භාණ්ඩ ගුවන් තොටුපළේ දී ලබාගත හැකිවනු ඇත.

එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන යම් අයෙක් වේ නම්, ඔහු දිවයිනට පැමිණ දින 4 ක් තුළ තමා සුදුසුකම් ලබන තීරු බදු රහිත මිල දී ගැනීමේ වියදම් සීමාව තුළ, මෙම සාප්පු සංකීර්ණයෙන් මිල දී ගැනීම් සිදුකළ හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *