අනුර අසනීපයෙන්. වෛද්‍ය උපදෙස් අනුව විවේක ගන්නවා – ටිල්වින් කියයි

එක දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ අනුර කුමාර දිසානායක මහතා තරමක අසනීප තත්වයකින් පසුවන බවත් වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතා එක දිනයක විවේකයක් ලබාගන්නා බවත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“ඇත්තටම මේ රැස්වීමට මම එන්න හිටියෙ නෑ. මම අද බදුල්ලේ යන්න හිටියෙ, බදුල්ලේ ජනහමු කීපයක් තිබ්බා. නමුත් මම බදුල්ලේ යන එක නවත්තලා මෙතෙන්ට ආවෙ මොකද, අද මෙතෙන්ට අපේ අනුර දිසානායක සහෝදරයාට එන්න වෙන්නෙ නැති නිසා. කලබල වෙන්න දෙයක් නෙවෙයි. මොකද පහුගිය ටිකේම අනුර සහෝදරයා ගොඩාක් මහන්සි වුණා, නිදිමැරුවා, ඒ නිසා අසනීප වුණා මේ වෛරස් උණ හැදිලා. එහෙම තියෙද්දීත් වැඩ කළා. අද පොඩ්ඩක් වැඩිවෙලා තියෙන්නෙ අසනීප තත්වය. ඒ නිසා දොස්තර මහත්තුරු අපට තදින්ම ඉල්ලීමක් කළා එක දවසක් අනුර සහෝදරයාට විවේකයක් දෙන්න කියලා. එතකොට හෙට ඉඳන් වැඩකරන්න පුළුවන්. අනුර සහෝදරයා හෙට සිට ආයෙ මේ වැඩේට බහින්න ඕනෙකම තියෙනවා, අද පොඩි විවේකයක් දීලා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (07) දෙයියන්දරදී පැවති ජන රැලියක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *