සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ අද(08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ පැවැත්වෙන ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනරැළි වේදිකාවට එක්වූවාය.

ඉකුත්දා ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වූයේ, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී සමගි ජන බලවේගය ගොඩනැගීම දායකවීම පිළිබඳව සිය කනස්සල්ල පළකරමිනි.

එජාපයේ හිටපු ලේකම්වරයකු වන දිවංගත ඇමති ගාමිණී අතුකෝරළ ගේ නැගණිය වන නීතිඥ තලතා අතුකෝරල, රත්තපුරේ දිස්ත්‍රික්කය නියෝජනය කළ මහජන මන්ත්‍රීවරියෙකි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකොරාල, ජනපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කරමින් වේදිකාවකට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *