August 23, 2024
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක්වුණා.
අලෙවි නියෝජිතයන් සතු සහ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟින් ඔවුන් සැප්තැම්බර් මාසයේදී සිල්ලර ඉන්ධන මෙහෙයුම් ආරම්භ කරන බව ඇමැති කාංචන විජේසේකර මහතා පවසනවා.
මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගමවන්නේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමයි.
මේ වනවිට ඉන්දියාවේ අයි.ඕ.සී., චීනයේ සිනොපෙක් සහ අමෙරිකාවේ ෂෙල් සමාගම්වලට මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව තිබෙනවා.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

