වැඩිම මාසික ආදායමක් ලබන ජනාධිපති අපේක්ෂකයා දිලිත් – අඩුම ආදායම රනිල්ට – මෙන්න කට්ටියගේ විස්තර

August 23, 2024

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මාසික වේතනය පිළිබඳ වත්කම් ප්‍රකාශනවලට අනුව වැඩිම ආදායමක් ලබන ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික දිලිත් ජයවීර හෙළිදරව් වී ඇති අතර,අඩුම ආදායම් ලබන අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වේ.

ඔවුන්ගේ වත්කම් ප්‍රකාශනවලට අනුව, ව්‍යාපාරික දිලිත් ජයවීර රුපියල් 16,500,000ක ආදායමක් සමඟ මාසික වේතන ලැයිස්තුවේ ප්‍රමුඛයා වේ.

දිලිත් ජයවීර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජනමාධ්‍ය ආයතනයක් ඇතුළු ව්‍යාපාර කිහිපයක හිමිකරුවකු ලෙස ප්‍රසිද්ධය.

ඔහු පසුපසින් සිටින්නේ හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ වන අතර ඔහු රුපියල් 1,345,000ක මාසික ආදායමක් ලබන බව ප්‍රකාශ කර ඇත.

පූර්ණ කාලීන දේශපාලනඥයකුට අමතරව විජයදාස රාජපක්ෂ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන්නකු ලෙස ද ප්‍රසිද්ධය.

ජයවීර සහ රාජපක්ෂ හැර අනෙකුත් සියලුම ප්‍රමුඛ ජනාධිපති අපේක්ෂකයන් රුපියල් ලක්ෂ 5 ට අඩු මාසික වේතනයක් හෙළිකර ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනකුට රජයේ වැටුප් ඇත.

ඒ අතරින් හිටපු ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ රුපියල් 454,285 ක මාසික ආදායමක් ලබමින් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටී.

ඔහුගෙන් පසුව ස්වාධීන අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රුපියල් 317,785 ක මාසික වැටුපක් ද, ජන අරගල ව්‍යාපාරයේ අපේක්ෂක නුවන් බෝපගේ රුපියල් ලක්ෂ 3ක අදයමක්ද ලබමින් සිටිති.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුපියල් 295,681ක මාසික ආදායමක් ප්‍රකාශ කර ඇති අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක රුපියල් 256,802ක මාසික වැටුපක් ප්‍රකාශ කර තිබේ.

වත්කම් ප්‍රකාශනවලට අනුව අවම මාසික ආදායම රුපියල් 179,691ක් වන ජනාධිපති අපේක්ෂකයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ය.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *