නාමල් පරාජය ලැබෙනවා – එස්.බී

2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ මහතා පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා පැවසිය.

එස්.බි දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ (22) දින ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මස්කෙලිය ආසනයේ ඒකාබද්ධ බල මණ්ඩල රැස්විම ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේදි පැමිණි සිටි පාක්ෂිකයන් අමතමණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු පා.ම එස්.බි දිසානායක මහතා කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලිමක් කල බවයි.

එහිදි මහින්ද රාජපක්ෂ මහතා එදින රැස්විමට පැමිණ සිටි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් හමුවේ තමන් කල ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතාට පිඩනයක් ලබාදිය යුතු බවට ප්‍රකාශ කල බවයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විශාල මුදලක් රැගෙන මැතිවරණයට සුදානම් වු බවත්, එම මුදල් වලට කෑදරකමින් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කල බවයි.

නාමල් රාජපක්ෂ මහතා මෙම මැතිවරණය සදහා තාවමත් පරිපුර්ණ නොවන බවට තමන් පවසා සිටි බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට එකගතාවය පල කිරිමත් සමග ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා මම පරදින්න ජන්දය ඉල්ලන්නේ නැ යනුවෙන් පවසමින් ඉවත් වු බවයි එස්.බි දිසානායක මහතා කියා සිටියේ.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *