2024 අගෝස්‍තු 23,
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ වෙනත් භෝග සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම 2024/2025 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆර්ටිලයිසර් සමාගම සහ පුද්ගලික අංශය මගින් පොහොර ආනයනය කර ගොවීන් වෙත තරඟකාරී මිලකට අලෙවි කිරීමටද අනුමැතිය ලැබී ඇත.
මේ තුළින් රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහ භෝග ඵලදායිතාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කර තිබේ.
asianewsplusone.com sfmnewslk.com

