අතුරුදන් වූ සිසුවියන් දෙදෙනා මැදිරිගිරියෙන් සොයා ගැනේ

වැල්ලවාය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කී ශිෂ්‍යාවන් දෙදෙනා මැදිරිගිරිය ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සැකකාර ශිෂ්‍යාවන්ගෙන් ප්‍රශ්න කොට ලබාගත් තොරතුරු අනූව ඔවුන් දෙදෙනා පිළිබඳව වැල්ලවාය පොලිසියට දන්වා එම ශිෂ්‍යාවන්ගේ නිවැසියන්ට ඒ බව දන්වන්නට කටයුතු කර තිබෙනවා.

සිසුවියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිතව තිබෙන බවත් සඳහන්.
asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *