මරුටි සුසුකි ගැන ඇහෙන අලුත්ම ආරංචිය


ඉන්දියාවේ නිෂ්පාදිත SUV වර්ගයේ මෝටර් රථයක් වන Fronx ජපානයට අපනයනය කිරීම නිල වශයෙන් දියත් කිරිමටයි.

ඒ අනුව Maruti Suzuki හි පළමු SUV රථය ජපන් වෙළඳපොළට පළමු පියවර තැබීම වේ.

Fronx SUV රථ 1,600කට අධික ප්‍රමාණයක රැගත් පළමු නෞකාව ගුජරාටයේ Pipavav වරායෙන් ජපානය බලා පිටත් විය.

Fronx යනු සමාගම විසින් ජපානයට අපනයනය කරන ලද දෙවන වාහනය වේ.

Fronx නිෂ්පාදනය කරනු ලබන්නේ ගුජරාටයේ පිහිටි මරුති සුසුකි හි අති නවීන නිෂ්පාදන කර්මාන්තශාලාවේ දී ය.

2023-24 මූල්‍ය වර්ෂය තුළ, මරුටි සුසුකි සමාගම රටවල් 100කට වැඩි ගණනකට ඒකක ලක්ෂ 2.8කට අධික ප්‍රමාණයක් අපනයනය කර ඇත.

ඒ අනුව රටේ මගී වාහන අපනයනයෙන් සියයට 42ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටි.

කෙසේ වෙතත්, එම සමාගම 2024 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී ඒකක 70,560 ක වාර්තාගත අපනයන අගයක් අත්පත් කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *