එළඹෙන ජනාධිපති මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට විරුද්ධව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ප්‍රමුඛ නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ මන්ත්‍රී එකමුතුව අතිශය ක්‍රියාකාරී පාක්ෂිකයන්ගේ හා වෘත්තීය වේදීන්ගේ සංගම් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය (03) දින හිමි විය .
එලෙස සාමූහික එකගවයට එළඹී ඇත්තේ එළඹෙන ජනාධිපති මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නියෝජනය කරමින් වෙනම අපේක්ෂකයෝ ඉදිරිපත් කිරීමේ යෝජනාවට හා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඉදොයට යාම සම්භන්දව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය මට්ටමේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් කලාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන්ගේ හා ක්‍රියාකාරීන්ගේ අදහස් විමසීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වය පැවති සුහද හමුවේදීය.
සභාව ආමන්ත්‍රණය කරමින් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති එස්.බී.දිසානායක මහතා කියා සිටියේ අපි මිනිස්සුන්ට නය නිසා එම ණය ගෙවන්න අපිට රජයක් අවශය බවයි.
වැඩිදුර අදහස් දැක්වූ එකම මෙසේද පැවසීය,
රටම එක මිටට එකතු වී රටේ සංවර්ධනය අරමුණු කරගනිමින් මහත් වූ විශ්වාසයකින් ගෝඨාභය රාජපක්ෂයට චන්දෙ දෙන්න කියලා අපි මිනිස්සුන්ගෙන් ඉල්ලුවේ ඒ අහිංසක මිනිස්සුන්ට ගොඩක් බලාපොරොත්තු දීලා. ඒ දුන්න බලාපොරොත්තු එකක්වත් අපිට කරගන්න බැරි වුණා. මහා විශාල ප්‍රතිශතයකින් ඉතිහාසයේ ප්‍රථම වතාවට හැට නම ලක්ෂයක් ඡන්ද අරගෙන ජනාධිපති වෙච්ච කෙනා රට පාලනය කරගන්න බැරිව රට අස්ථාවර කරා.අපි නොයෙකුත් බලාපොරොත්තු දීලා චන්දෙ ලබාගත්ත මිනිස්සුන්ට කිසිම දෙයක් කරගන්න අපිට බැරි වුණා .වැටිච්ච රටක් ගොඩ ගන්න කවුරුත්ම නායකයෝ ඉදිරිපත් වෙච්ච නැති වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ වර්තමාන අගමැතිවරයා නොබියව රට භාර අරන් සංවර්ධනය කරා ගෙනිච්චේ.ඒ උතුම් ගතිගුණයට අප කළගුණ සලකන්න ඕන එක අනිවාර්ය යුතුකමක් වන නිසා තමයි අපි මෙවර තීරණය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි මැතිවරණයේදීත් සහයෝගය ලබා දෙන බවයි.
asianewsplusone.com sfmnewslk.com

