රජය එකවරම ගත් දැඩි තීරණය මෙන්න


2024 ජූලි 25,
asianewsplusone.com sfmnewslk.com

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ තොග සඟවා තබා ගැනීම හා නිකුත් නොකරන භාණ්ඩ රාජ සන්තක කිරීමට පාරිභෝගික පනතේ නව සංශෝධනය යටතේ ඉඩ ලැබෙන බවයි.

මේ වන විට අවසන් අදියරේ පවතින පාරිභෝගික පනතේ නව සංශෝධනය හරහා නිෂ්පාදකයන් විසින් කූඨ ලෙස තොග සඟවා තබා ගැනීම් හා භාණ්ඩ නිකුත් නොකිරීම ආදී වංචනික ක්‍රියාකාරකම් මර්ධනය කිරීම සඳහා වඩා ශක්තිමත් යාන්ත්‍රණයක් සෑදෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, අමාත්‍යවරයා කියා සිටියේ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පාරිභෝගිකයන් නීති පිළිබද දැනුවත් කිරීම, භාණ්ඩ අලෙවි කළ යුතු මිල පරාසයන් නිකුත් කිරීම හා වෙළෙඳපොල වැටලීම් හරහා පාරිභෝගික ආරක්ෂණය සඳහා වෙළෙඳපොල ක්‍රියාවලියට මැදිහත්වන බවයි.

තව ද, පාරිභෝගික පැමිණිලි විමධ්‍යගතකරණය හරහා එතෙක් කොළඹ දිස්ත්‍රික්කය වෙත පමණක් ලැබුණු පාරිභෝගික පැමිණිලි සියලුම දිස්ත්‍රික්ක ආවරණයවන පරිදි පරීක්ෂණ සිදු කරමින් පවති.

එමෙන්ම, කෙටි දුරකථන අංක 1977 හරහා පාරිභෝගික අයිතීන් කඩවීම් පිළිබද ලැබෙන පැමිණිලිවල අඩුවීමක් ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ පාරිභෝගික ආරක්ෂණය ඇතුළු නියාමන කාර්යයන් සදහා මෙරට තුළ ආයතන 39ක් පමණ ක්‍රියාත්මක වන බවත්, මෙම සියලු ආයතන එක්කොට ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීම හා සමස්ත ක්‍රියාවලියම පාරිභෝගිකයාට පහසු වන පරිදි ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ අවශ්‍යයතාවයක් පවතින බවත් ය
https://www.facebook.com/Unp123Colombo?mibextid=ZbWKwL https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *