ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් සිදුකරන එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 5 ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙලෙස වේගවත් ඉදිරි ගමනක් පැමිණ ඇත්තේ, මෑත කාලීනව දැක්වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙනි.

පසිගියදා ශ්‍රී ලංකාවේදී අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙස විශිෂ්ඨ අන්දමින් ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

නවතම ICC එක්දින ශ්‍රේණිගතකිරීමට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පසුවූයේ එම ලයිස්තුවේ 7වැනි ස්ථානයේය.

ශ්‍රී ලංකා පිරිමි එක්දින කණ්ඩායම පසුවන්නේ එක්දින ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 7 වැනි ස්ථානයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *