ෆොන්සේකාට සජබය අහිමි වෙයි – නාමයෝජනා දෙන්නේ නැති හැඩයි

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ඉදිරි මැතිවරණයේදී නාම යෝජනා නොදීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.

සරත් ෆොන්සේකා ඉදිරියේදී පක්ෂ වැඩකටයුතු සඳහා මෙන්ම පක්ෂය සංවිධානය කරන රැලි සහ උත්සව සඳහා ද සහභාගි කර නොගැනීමටත් තීරණය කර ඇතැයි ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

පක්ෂ නායකත්වය සහ පක්ෂය දිගින් දිගටම විවේචනය කිරීම හේතුවෙන් එම පක්ෂව විසින් අදාල සිදුවීම් සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම සරත් ෆොන්සේකාට පක්ෂය නොගැලපෙන්නේ නම් අවශ්‍ය අවස්ථාවක පක්ෂ සභාපති ධූරයෙන් මෙන්ම පක්ෂයෙන් ඉවත්ව යාමේ අවස්ථාව ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *