පවතින අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බැවින් කොළඹ නගරයේ පිහිටි ගස් පිළිබඳව මහ නගර සභාව, යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් නිරීක්ෂණය කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

“කොළඹ මහ නගර සභා නගර සීමාව තුළ ගස් ලක්ෂයක් තිබෙනවා. මෙයින් 300 ක් පමණ ඉහළ අවදානමක් ලෙස සලකනු ලබනවා” රාජ්‍ය ඇමැතිවරයා වත්මන් ආපදා කළමනාකරණ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී වාර්තාකරුවන්ට පැවසීය.

සියලුම ගස් කපා දැමිය යුතු නැති බව ද ඔහු පැවසීය. “අපට සමහර අතු කපා ඒවා රඳවා ගත හැකියි” එහෙත් ගැටලුව වූයේ ගස ආසන්නයේ ඇති ගොඩනැගිලිවල එක් පැත්තකින් අතු කපා තිබීම නිසා එය අසමතුලිත තත්ත්වයට පත්වීම බවද රාජ්‍ය ඇමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

පළාත්/නගර ආයතනවලට ගොඩනැගිලි නීතිරීති බලාත්මක කිරීම ශක්තිමත් කළ හැකි පරිදි නව නීති ගෙන එනු ඇත. “ගසක් ගැන අනතුරු ඇඟවීමක් කළ හැකි එකම ආයතනයක් අපට නැහැ. පාරක් අසල සිටුවිය හැකි හෝ නොමැති ගස් මොනවාදැයි අපට කියා දෙන්නෙකු ද නැති බවද වැඩි දුරටත් සදහන් කලාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *