නලීන් බණ්ඩාරගේ ජීප් රථයේ යතුරුපැදිකරුවෙක් ගැටී රෝහලේ – 2024 ජූනි 03

අද (03) අලුයම කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර ගමන් ගත් ජිප් රථය යතුරුපැදිය ගැටී යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

පොලීසිය පැවසූවේ මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ ජීප් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

වැසි තත්වයත් සමඟ තිරිංග යෙදීමේදී ජීප් රථය පාලනයෙන් ගිලිහී ලිස්සා යෑමෙන් යතුරුපැදියේ ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මන්ත්‍රීවරයා රැගත් රථය මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරනා අතරතුර මෙම අණතුර සිදුව ඇති බව සඳහන්.

නිට්ටඹුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *