ශ්රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට රජය තීරණය කළහොත් ඒ සඳහා විදේශ සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
“සමහර වාහනවලට දැනටමත් ඉඩදීලා තිබෙනවා. වාහන ආනයනය ක්රමානුකූලව ලිහිල් කරන එක වැදගත් තීරණයක්. විදේශ විනිමය කළමනාකරණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා”
කොළඹ පැවති මාධ්ය හමුවක් අමතමින් හෙතෙම මෙලෙස කියා සිටියේ ය.
