රුසියාවට ගිය සෙබළු හොයන්න ලංකාවෙන් නියෝජිත පිරිසක්

රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකාවේ නියෝජිතයින් පිරිසක් ජුනි මාසයේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ (30) දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසන පරිදි එම නියෝජිත පිරිස ජුනි 5 – 7ත් අතර කාලසීමාවේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිතයි.

රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දුන්නා.

එමෙන්ම එම අංකයට මේ දක්වා පැමිණිලි 455ක් ලැබී ඇති බව තාරක බාලසූරිය මහතා පැවසුවා.

මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙක් අතුරුදන්වී ඇති බවත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙක් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *