කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (28) වසා දැමීමක් සිදු නොවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ, අවදානම් තත්ත්වයේ පවතින ගල් ඉවත් කිරීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වීම හේතුවෙනි.
එම ගල් ඉවත් කිරීමේ මෙහෙයුම් මාර්ගය වසා දැමීමකින් තොරව සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
කෙසේ වෙතත්, අවදානම් තත්ත්වයේ පවතින ගල් ඉවත් කිරීම සඳහා මාර්ග කොටසේ වසා දැමීමේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය.
