ඉරානයම කලබල වෙයි – ජනපති ගමන් ගත් ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුම්

ඉරානයේ ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා ය.

අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා ඇත.

මෙතෙක්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති බව වාර්තා විය.

මේ වන විට ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන සන්නද්ධ හමුදා, කමාන්ඩෝ ඒකක ඇතුළු කණ්ඩායම් 40ක් ක්‍රියාන්විතයට එක්ව සිටියි.

අද (19) ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට එක්ව තිබුණේ ය.

එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ දී ඇත.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *