සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද සඳහා දින යෝජනා කරමින් සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගයට ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය අනුව දෙපාර්ශ්වයේ ආර්ථික කමිටු අතර විවාදය 2024 මැයි මස 27, 28, 29, 30, 31 යන දිනවලින් එකකදීද නායකයින් අතර විවාදය 2024 ජුනි මස 03, 04, 05, 06 හෝ 07 යන දිනවලින් එක් දිනයකදී පැවැත්වීමටත් යෝජනා කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම විවාද කටයුතු සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම විවාදයේ ආවරණ කටයුතු සඳහා සියලු මාධ්‍ය ආයතන වලට ආරාධනා කරන බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *