කුණුහරුප කියන පොලිස් නිලධාරීන් දෙස පොලිස්පති අවදානයෙන් –

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

මහජනතාව අපහසුතාවට පත්නොකිරීම අරමුණයි 

මහජනතාවට පරුෂ වචනයෙන් අමතන පොලිස් නිලධාරීන් පිළිබඳව පොලිස්පතිවරයා දැඩි අවධානය යොමුකර ඇත.

ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් පරුෂ වචනයෙන් අමතන බවට පැමිණිලි ලැබෙන බව මේ පිළිබඳව කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

මෙම තත්වය මත පොලිසිය සහ මහජනතාව අතර පවතින සබඳතාවය පිරිහී යන බැවින් මහජනතාවට ඇමතීම් සිදුකරන මොහොතේ ඉතාමත් සැලකිලිමත් වෙන ලෙස පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ට දැනුම් දීම සිදුකළ බවද වුට්ලර් මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *