www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්යවේදීනි ක්රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්රී ලංකා පත්ර කලා සංගමය සහ ශ්රී ලංකා අක්ෂිදාන සංගමය විසින් මාධ්යවේදීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා නොමිලේ ඇස් පරීක්ෂා කොට ඇස් කණ්නාඩි ලබා දීමේ අක්ෂි සායනයක් ඉකුත් දා (27) පෙරවරු 9.30 සිට කොළඹ 7, විද්යා මාවතේ පිහිටි දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදී අක්ෂි පරීක්ෂණයෙන් පසු සියලු දෙනා වෙත නොමිලේ ඇස් කණ්ණාඩි පරිත්යාග කිරීම මෙන්ම ඇසේ සුද ඇති අයට දෙවනුව සීමිත ශල්ය කර්ම ප්රමාණයක් නොමිලේ සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබුණි.
මේ සඳහා ශ්රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඉදුණිල් වික්රමරත්න ලේකම් ඩී.ඩී. ක්රිෂාන් ශ්රී ලංකා පත්ර කලා සංගමයේ සභාපති කුරුළු කාරියකරවන ලේකම් තාරක වික්රමසේකර ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
