ඒයේ රාතියේ CID අත්අඩංගුවට පත් පිරමීඩ් කිං අනිල් බන්ඩාරගේ “පිරමීඩ් ජාවාරම්වලට ලක්ෂයකට අධික පිරිසක් හසුවී ඇතැයි චෝදනා” 

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධ CID ට මූලික පැමිණිල්ල සිදුකරමින් ජාවාරම පිළිබඳ රටට හෙළි කළ පිරමීඩ් විරෝධී බලකායේ සභාපති තරිඳු රත්නායක.

Fast3Cycle ඇතුළු ජාවාරම් ගැන පුළුල් විමර්ශනයක් ඉල්ලයි.

වසර හයකට ආසන්න කාලයක් පොලිසිය මඟහැරි බව කියන සැකකරු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට.

පිරමීඩ් ජාවාරම් ඇතුළු විවිධ මූල්‍ය ජාවාරම්වලට ලක්ෂයකට අධික පිරිසක් හසුවී ඇති බවට චෝදනා එල්ල වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙස අදාළ ජාවාරම් පිළිබඳව CID ට සහ වගකිවයුතු බලධාරීන්ට මූලිකව පැමිණිල්ල ඉදිරිපත් කල හා මාධ්‍ය හරහා ජාවාරම රටට හෙළි කළ පිරමීඩ් විරෝධී බලකායේ සභාපති තරිඳු රත්නායක මහතා ඉල්ලා සිටියි.

වසර හයකට ආසන්න කාලයක් පොලිසිය මඟහරිමින් සිටි බව කියන ෆ්‍රැන්සිස් හෙට්ටිගේ අනිල් බණ්ඩාර නමැත්තා ඊයේ (26) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදුකර තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බලධාරීන්ට ස්තුතිය පළ කරමින් තරිඳු රත්නායක මහතා අද (27) නුවරඑළියේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී අනිල් බණ්ඩාර නමැත්තාට සම්බන්ධ බවට චෝදනා එල්ල වන පිරමීඩ් ජාවාරම්, Fast3Cycle ජාලය සහ හෝටල් පැකේජ් සම්බන්ධ ජාවාරම් ඇතුළු සිදුවීම් පිළිබඳව විමර්ශන පුළුල් කිරීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් Fast3Cycle International (Pvt) Ltd ඇතුළු ආයතන හා යෙදුම් කිහිපයක් තහනම් පිරමීඩ් යෝජනා ක්‍රම ලෙස නම් කර තිබේ. එහෙත් අනිල් බණ්ඩාර නමැත්තාගේ එම ජාලය සමඟ ඇති නිශ්චිත සම්බන්ධතාව සහ ඔහුට එරෙහි චෝදනාවල ස්වභාවය නිල විමර්ශන මඟින් තහවුරු කරගත යුතුව ඇත.

අදාළ ජාවාරම්වලට හසුවූ බව කියන පුද්ගලයන් සහ සිද්ධීන් පිළිබඳ තොරතුරු දන්නා අය තමන් සතුව ඇති පැමිණිලි, බැංකු ගනුදෙනු වාර්තා, මුදල් ගෙවීම් පිළිබඳ ලේඛන සහ වෙනත් සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ද තරිඳු රත්නායක මහතා ඉල්ලා සිටියේය.

සැකකරු සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්, අදාළ ජාවාරම් පිළිබඳ කරුණු මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.

තවද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමෙන් දේපළ සියල්ල විනාශ වී ඇති බවට තොරතුරු සඳහන් වුවද ඔහු සමග සම්බන්ධතා පවත්වන කාන්තාවගේ නමට එම දේපළ ඇති බවටද තොරතුරු හෙළි වී ඇති බවද තරිඳු රත්නායක මෙහිදී විශේෂයෙන් අවධානයට ලක් කරමින් සඳහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *