www.bbcmirror.lk
www.Lankawebnews.lk
ඥානසාර හිමි නිදහස් කිරීම සම්බන්ධයෙන් ත්රෛනිකායික මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඥානසාර හිමි නිදහස් කිරීම ගැන රජය නීතිය අනුව කටයුතු කරන බව නලින්ද ජයතිස්ස කියයි
අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මාධ්යවේදියෙකු යොමු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුවද රජය කටයුතු කරන්නේ රටේ පවතින නීතියට අනුව බව ඔහු අවධාරණය කළේය. නීතියට ඉහළින් සිටිමින් අධිකරණ තීන්දුවක් වෙනස් කිරීමට රජය අදහස් නොකරන බව ද අමාත්යවරයා ප්රකාශ කළේය.
එසේ වුවද, පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ත්රෛනිකායික මහානායක හිමිවරුන් මීට පෙර බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපිය සැලකිල්ලට ගෙන බන්ධනාගාර නිත්ය නියෝග සංශෝධනය කළ බව ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. ඉදිරියේදී කටයුතු සිදුකරනු ලබන්නේ එම සංශෝධිත නිත්ය නියෝගවලට අනුව බව ද ඔහු පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ප්රකාශ කළේය.
“අති ගෞරවණීය ත්රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා සිව්නම විසින් බන්ධනාගාර කොමසාරිස්තුමාට යවන ලද ලිපිය පදනම් කරගෙන අපි ඊට පහුවෙනිදාම මහානායක ස්වාමීන්වහන්සේලාගේ නියෝජිතයින් සමග විශේෂයෙන් අපේ අනුනායක ස්වාමින්වහන්සේලාත් ඇතුළු ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ ප්රථිපලයක් හැටියට තමයි බන්ධනාගාර නිත්ය නියෝග සඳහා එකඟතාවයකට ආවේ. ඒ අනුව ත්රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම අනුව ඒ සාකච්ඡා පැවැත්වෙලා ඒ සාකච්ඡාවල ප්රථිපලයක් හැටියට නිත්ය නියෝග වෙනස් කළා. ඒ අනුව දැන් ඒ වෙනස් කරන ලද නිත්ය නියෝග අනුව තමයි ඉදිරියේදී කටයුතු සිදුවෙන්නේ. මෙතෙක් අපි උන්වහන්සේලා කියන ලද කරුණු අනුව කටයුතු කරලා තියෙනවා.
එකක් අපිට කියන්න පුළුවන් අපි කටයුතු කරන්නේ පවතින නීතිය අනුව සහ නීතියට සියලු දෙනා යටත් කියන තැන ඉඳගෙන. ඒ නිසා අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයේ අදහසක් නෑ.”
ඒ අනුව, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගැනීමේදී සංශෝධනය කළ බන්ධනාගාර නිත්ය නියෝග සහ රටේ පවතින නීතිමය රාමුව අනුව කටයුතු කරන බව අමාත්යවරයාගේ ප්රකාශයෙන් පැහැදිලි වේ.
