www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් සිසුන්ගේ ආරක්ෂාවට පියවර
නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් අද (24) පෙරවරු 11.00ට වසා දැමීමට පියවර ගෙන තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා පැවති වැසි සහිත කාලගුණයත් සමඟ අද දිනයේද වැසි සහිත තත්ත්වයක් පවතින අතර, මධ්‍යම පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට විටින් විට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකිවල සඳහන් වේ.
මෙම තත්ත්වය හමුවේ නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ ගස් කඩා වැටීම සහ පස්කඳු කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බැවින් සිසුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් පාසල් කටයුතු අතරමඟ නතර කර දරුවන් ආරක්ෂිතව නිවෙස් වෙත යැවීමට කටයුතු කර ඇත.
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග හා ජන ජීවිතයට ඇතිවිය හැකි අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීම සම්බන්ධයෙන් කඩිනමින් තීරණ ගැනීමට මීට පෙර හැටන් අධ්‍යාපන කාර්යාලය විසින් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබූ බවද සඳහන් වේ.
මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය ඇතුළු මධ්‍යම කඳුකරයේ වැසි සහිත කාලගුණය තවදුරටත් පැවතිය හැකි බැවින් මාර්ග භාවිත කරන ජනතාව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙසද ප්‍රදේශවාසීහු පවසති.

