ඉතාලි තානාපති නාවික හමුදාපති හමුවක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩැමිනො ෆ්‍රැන්කොවිහ් (Damiano Francovigh)  මහතා සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ඉකුත්දා (2) නාවික හමුදා මූලස්ථානයේ දී සිදුවිය.

මෙම නිල හමුවේ දී 27 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ බාර ගත් අභිනව හමුදාපතිවරයා වෙත සුභාශිංසන එක්කළ තානාපතිවරයා දෙරට අතර සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර මෙම නිල හමුව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. 

මෙයට අදාල ඡායාරූප පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *