මියගිය පරිසරවේදියාගේ නිවසේ තිබූ ආයුධ තොගය – මැයි 15, 2024

පරිසරවේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටර් උණ්ඩයක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.

එම පරිසරවේදියාගේ පුත්‍රයා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුගේ පිළියන්දල පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය සොයාගෙන තිබෙනවා.

එම ආයුධ තොගය හමු වී තිබෙන්නේ ඔහුගේ නිවසේ උඩුමහලේ සොල්දොර තට්ටුව පරීක්ෂා කිරීමේ දීයි.

එහිදී අංක මකාදමන ලද ටී පනස් හය ස්වයංක්‍රීය ගිනි අවියක්, මළ බැඳී තිබූ ටී පනස් හය මැගසින් හතරක්, T 56 ජීව උණ්ඩ අනූ හයක්, ට්‍රසර් උණ්ඩ විස්සක්, බලපත්‍රය කල් ඉකුත් වූ බෝර දොළහ වර්ගයේ ගිනි අවියක්, මෝටර් උණ්ඩයක් හමු වී තිබෙනවා.

එම ආයුධ තොගය එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳවත්, කිසිවෙකු විසින් එම ආයුධ තොගය මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇත්දැයි යන්න පිළිබඳවත් පොලිසිය විමර්ශනය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *