සියලු බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හෙට විශේෂ කැඳවීමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

සියලු බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30 ට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

ඒ, අමාත්‍යවරයා විසින් මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිළිබඳව සිදුකළ විශේෂ කතාව අතරවාරයේදීයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවීමට තීරණය කළ බවත්, අනෙකුත් බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *