ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘යුක්තිය මෙහෙයුම’ පිළිබඳව තමන් අවධානයෙන් පසුවන බවමෙන්ම එහි ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත පවසා තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී (13) පැවති අවස්ථාවේදී ය.

එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරයා මෙහිදි පැවසු බව මහජන ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසයි.

පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිලිබඳවද තානාපතිවරයා සහ අමාත්‍යවරයා සාකච්ඡා වු බව එම නිවේදනයේ තව වැඩි දුරටත් සඳහන් කර ඇත.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *