මහ රෑ අන්තරාදායක ලෙස බයික් පැදපු තරුණයින් 14ක් අත්අඩංගුවට

මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ ටැංකබොඩි හන්දිය අසල සිට කොට්ටාව දෙසට අධික හඬක් නංවමින් අන්තරාදායක ලෙස යතුරුපැදි ධාවන තරග පැවැත්වූ යතුරුපැදිකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
පොලිසිය සඳහන් කළේ, මහරගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත පන්නිපිටිය ප්‍රදේශයේදී මෙහෙයුමක් දියත් කර යතුරුපැදිකරුවන් 14 දෙනා අත්අඩංගුවට ගත් බව ය.
මෙම යතුරුපැදිකරුවන් ඉන්ටර්නෙට් ඔස්සේ ජාලයක් වශයෙන් තොරතුරු හුවමාරු කර ගෙන ඇති බව ත් ඉන්පසු විවිධ ප්‍රදේශවලින් මෙම ස්ථානයට පැමිණ මුදල් ඔට්ටුවට රාත්‍රී කාලයේ යතුරුපැදි ධාවන තරග පවත්වන බවත් පොලිසිය සඳහන් කළේ ය.
මේ පිළිබඳව මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *