සංහිදියාව සහ සමාජ සාධාරණත්වය උදෙසා ජාතින් අතර සමගිය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

තලවකැලේ මුස්ලිම් පල්ලියට .

සර්ව ආගමික නායකවරුන් අතර සුහදශීලීත්වය වර්ධනය කරමින් ඒ ඔස්සේ සංහිදියාව සහ සමාජ සාධාරණත්වය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරිත්වය යන තේමාවෙන් දෙවාර්ෂික වැඩසටහනේ අන්තර් ආගමික ආගමික හා සිවිල් සාමාජිකයන්ගෙ ත්‍රයිමාසික දිස්ත්‍රික් හමුව අද (11) තලවාකැලේ මුස්ලිම් පල්ලියේදී පැවැත්වින ,

මෙහිදී සර්ව ආගමික නායකයින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා තරුණ ප්‍රජාව සංහිදියාව සහ සමාජ සාධාරණත්වය පිලිබද මාතෘකා ඔස්සේ දැනුවත් කිරීම් සිදු කර සහජීවනයෙන් යුතු අමාජයක් බිහි කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට ජාල ගත කිරීම වෙනුවෙන් වැඩසටහන සංවිධානය කර තිබින ,

දිනය පුරා පැවැති මෙම වැඩසටහනේ විශේෂත්වය වනුයේ ඉස්ලාම් ආගම පිළිබඳ දැනුමක් ලබා ගනිමින් ආගම තුළ පැවැත්වෙන සංස්කෘතියන් පිළිබඳවද සර්ව ආගමික නායකයන් දැනුවත් කර අවබෝධයක් ලබාදීමය ,  

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සදහා සියලු ආගම් නියෝජනය කරමින් සර්ව ආගමික නායකයන් සර්ව ආගම් නියෝජනය කරමින් සමාජ ක්‍රියාකාරකම්වල යෙදෙන සිවිල් සමාජ නිලධාරීන් හා ක්‍රියාකාරිකයින් තරුණ ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *