www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
එස් . කේ . සමරනායක
මහනුවර නගරයේ කොටුගොඩැල්ල වීදීය අසල ඉන්ධන පිරවුම් හලක් ආසන්නයේ පුද්ගලික පස් මහල් ගොඩනැගිල්ලක අමතර කොටසක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී ඉරිදා (24)දහවල් 11 . 15 ට පමණ ,එම ඉදිකිරීම් කොටසක් හදීසියේ කඩා වැටීම නිසා ,ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටි ඉදිකිරීම් කම්කරුවන් තිදෙනෙක් ඉදිකිරීම් යකඩ සහ සිමෙන්ති කොන්ක්‍රීට් වලට යටවී බරපතළ තුවාළ ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබීය.
මෙම ඉදිකිරීම් කොටස ඉතා අනතුරුදායක මෙන්ම අනාරක්ෂිත තත්ත්වයේ පැවතීම නිසා ,ඉදිකිරීමට යොදාගත් සිමෙන්ති බ්ලොක් ගල් සමග පහළට කඩා වැටී මෙම අනතුර සිදුවූ බව සිද්ධිය සියැසින් දුටු පිරිස් පැවසූහ.
සුන්බුන් වලට යටවී බරපතළ තුවාළ ලද ඉදිකිරිම් සේවකයන් අවට සිටි පිරිස් විසින් ඉවත් කර හදීසි සේවා ගිලන් රථ ගෙන්වා , ඔවුන් මහනුවර රෝහල වෙත යැවීමට පියවර ගත්හ.මෙම තුවාළ කරුවන්ගේ තත්ත්වය ඉතා බරපතළ වූ නිසා ඔවුන් හදීසී ශල්‍ය කර්ම වලට භාජනය කිරීමට රෝහල් වෛද්‍ය කණ්ඩායම් පියවර ගත් බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ඉදිකිරීම් කටයුතු සිදුකල මහල් ගොඩනැගිල්ලේ පිටත කොටස් වල සිදුකරගෙන යන ඉදිකිරීම් ඉතා අනාරක්ෂිත බව ,එම ස්ථානයට පැමිණි මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරින් පැවසූහ.
මහනුවර නාගරික හදීසි ගිනි නිවීම් ඒකකයේ භටයන් සහ ගිලන් රථද අනතුර සිදුවන ස්ථානයට පැමිණි නමුත් ,ඉතා බරපතළ තත්ත්වයේ සිටි තුවාළ කරුවන් සුවසැරිය ගිලන් රථ සේවාවේ ගිලන් රියකින් රෝහලට යැවීමට අවට සිටි මහජනතාව කඩිනමින් පියවර ගනු ලැබිය.
මහනුවර පොලිස් මූලස්ථානය මෙම හදිසී අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරයි.මෙම අමතර ඉදිකිරීම ඉතාම අනාරක්ෂිත ලෙස සිදුවෙමින් පැවතියදී මෙම අනතුර සිදුවූ බව සිද්ධිය ද�
