විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයට  නව වෛද්‍ය  මධ්‍යස්ථානයක් .

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ඉකුත් 22 දින යෙදී තිබූ  ජාතික රණවිරු දිනයට සමගාමීව බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අළුතින්  ඉදිකරන ලද වෛද්‍ය සායන මධ්‍යස්ථානය ශ්‍රි  ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතා විසින් පසුගිය දා විවුර්ත කරන ලදී.

57 පාබල සේනාංක භටපිරිස් හි ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ  දන්ත වෛද්‍ය සායන ඇතුළු අනෙකුත් වෛද්‍ය පහසුකම් වලින් සමන්විත වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා සෑම සිකුරාදා දිනකම මෙහි සේවා සැපයීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *