www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
එස් . කේ . සමරනායක
හන්තාන සඳගිරි මහා සෑයේ ධාතූ මන්දිරයේ ඇතුල්වීමේ යකඩ දොරවල් කඩා මන්දිරයට ඇතුල් වී ඇති සොර කල්ලියක් ,එම ධාතූ මන්දිරයේ තැන්පත් කර තිබූ පවුම් 20 :ක පමණ රන් මාළ සොරාගෙන පළාගොස් ඇති බව මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.
සෙනසුරාදා අළුයම මෙම සොරකම සිදුව තිබේ.
මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ මහතාගෙන් කල විමසීමකදී පොලිස් ස්ථානාධිපති වරයා පැවසුවේ සොරුන් ඇල්ලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා,පොලිස් නිල සුනඛයන්ද යොදවා ,පරීක්ෂණ පවත්වන බවයි.
දැනට ඇඟිළි සළකුණු සටහන් අංශ පොලිස් කණ්ඩායමක්ද පරීක්ෂණ කටයුතු වලට යොදවා තිබේ.හන්තාන සඳගිරි මහා සෑයට යන එන ගමන් මාර්ගයේ ආරක්ෂිත සීසීටීවී කැමරා දර්ශණද පොලීසිය විසින් පරීක්ෂා කල බව මහනුවර පොලීසියේ නිලධාරියෙක් කීය.
පොලිස් බුද්ධි අංශ නිලධාරින්ද,අපරාධ අංශයේ සහ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන්ද සෑයේ රන් භාණ්ඩ සොරා ගෙන පළා ගිය කල්ලිය සොයා මෙහෙයුම් දියත් කර තිබෙන බව මහනුවර පොලීසිය පවසයි.
සිද්ධිය පිළිබඳව මධ්‍යම දිසාව භාර ජේය්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක,නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ,ජේය්්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන යන මහත්වරුන්ගේ අධීක්ෂණ මත මහනුවර පොලිස් මූලස්ථානයේ විමර්ශණ ඒකක කීපයක් පරීක්ෂණ සිදු කරමින් සිටින බව මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ මහතා කීය…
