සිසිල් බීම වෙනුවට දන්සැල්වල උණුසුම් පාන ලබාදෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරුණික ඉල්ලීමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk 

සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති බැවින් සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම දිරිමත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

වැඩි දුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ දිනවල දිවයිනේ සමහර ප්‍රදේශවල පැතිරයන බෝ වන රෝග තත්වයන්ද සලකා බලා මෙම ඉල්ලීම සිදු කරන බවයි.

මේ අතර දන්සැල් සංවිධානය හා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධීකරණය කර ගැනීමට ද අමතර සහායක් අවශ්‍ය වන අවස්ථාවලදී ඇමතීමට දුරකථන අංක කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒවා මෙසේය,

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සම්බන්ධයෙන් , ටී.එච්.වී.සී. විතානගේ මහතා , ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොළඹ මහ නගර සභාව : 0776697674

අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් : කේ.කේ.එල් ජයලාල් මහතා, සහකාර අධ්‍යක්ෂ ,මධ්‍යම ආහාර පාලන ඒකකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0779191010

අනෙකුත් අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් : ජානක සුනෙත් බණ්ඩාර මහතා , සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 0714327387

විස්තර විමසීමට හා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන්, රජයේ කාර්යාල රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා. ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0112670182

Leave a Reply

Your email address will not be published. Required fields are marked *