www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය මහ නගර සභාවෙ නාගරික මන්ත්‍රීවරයෙකුගේ හිතවත්කමක් හා නෑදෑකමක් මත නුවරඑළිය මහ නගර සභාවට මීටර පනහකින් දින කිහිපයක් ඇතුළත ඉදි වූ මහා පරිමාණ අනවසර හා අන්තරාකාරි ඉදිකිරීමට එරෙහිව බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බව නුවරඑළිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා මහ නගර සභාවේ විපක්ෂයෙන් චෝදනා කරයි ,
ඔවුන් මේ බව කියා සිටියේ නුවරඑළිය මහ නගර සභාවට මීටර පනහක දුරින් ඉදිකර ඇති නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුගේ ඥාති හිතවතෙකු බව පවසන පුද්ගලයෙකුගේ මහා පරිමාණ අනවසර හා අන්තරාකාරී ඉදිකිරීමක් සිදුව තිබියදී ඒ පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ දේශපාලන අධිකාරිය සහ නිලධාරීන් කිසිදු පියවරක් නොගෙන ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුකිරීමට අවසර දී ඇති පසුබිමක එයට විරෝධය දක්වමිනි ,
මෙහිදී නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් අදහස් දක්වමින් දිනේෂ් ලංකා සහ නාලක රත්නායක කියා සිටියේ නුවරඑළිය මහ නගර සභාව දේශපාලනික පළිගැනීම් වශයෙන් අනවසර ඉදිකිරීම් යැයි පවසා ඇතැම් ඉදිකිරීම් කඩා ඉවත් කරන්නට කටයුතු කරන නමුත් දේශපාලන හිතවත්කම් මත නගර මධ්‍යයේ අනවසර හා අන්තරාදායක ලෙස ඉදිකරන ලද මෙම ඉදිකිරීමට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන මුඩුක්කු සංස්කෘතියක් නගර මධ්‍යයේ බිහිකිරීමට ඉඩහැර බලා සිටින බවයි ,
තවද සාමාන්‍ය මනුස්සයෙකුට ක්‍රියාත්මක වන නීතිය දේශපාලන හිතවත්කමින් අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයන්ට ක්‍රියාත්මක නොකිරීම කනගාටුවට කරුණක් වන අතර මෙම ඉදිකිරීම නිලධාරින්ව නොමග යවා දේශපාලන අධිකාරියේ සූක්ෂම සැලසුමට අනුව නිලධාරීන් කාර්යබහුල කාලය තුළදී ඉදිකිරීමට කටයුතු කර ඇති බවද දැනගන්නට ලැබුණු බවද ඔවුන් පැවසීය ,
ඔවුන් විශේෂයෙන් අවධාරණය කර සිටියේ අදාල ඉදිකිරීම කිසිදු ප්‍රමිතියකින් තොරව අනතුරුදායක ලෙස ඉදිකර ඇති අතර වැසි ජලයට පෙගී එය කඩා වැටීමට ලක් වූවානම් දෙපැත්තේ තිබෙන වෙළඳසැල් මුළුමනින්ම හානියට පත්වී ජීවිත හානි පවා සිදුවීමට හැකි බවය ,
එල්ල වන චෝදනා පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී නුවන් පොරුතොට මහතාගෙන් අප සිදු කළ විමසුමකට ඔහු කියා සිටියේ මෙම අනවසර ඉදිකිරීම් පිළිබඳ බලධාරීන්ගෙන් විමසන කළ ඔවුන් එම අනවසර ඉදිකිරීම නවතා ඇති බවට පැවසුවද රෙදි වලින් වසාගෙන එම ඉදිකිරීම තුළ තවමත් වැඩ කටයුතු සිදුවන බවයි ,
නුවරඑළිය මහ මහ නගර සභාවේ මහ සභාවේදී අනවසර ඉදිකිරීම් ගැන දිගින් දිගටම කතා කරන කාලයක බණ කිය කියා දුම්මැස්ස අතගානවා සේ වර්තමාන පාලනය ඔවුන්ගේ හිතවතුන්ට අනවසර ඉදිකිරීම් කරගන්නට අවසර තබා දීම පිළිකුලෙන් හෙළා දකින කාරණාවකි ,
තවද නුවරඑළිය මහ නගර සභාවට මීටර පනහක් පමණ නුදුරින් ඇති මෙම අනවසර ඉදිකිරීම පසුගිය අප්‍රේල් මාසයේ නිලධාරීන් කාර්යබහුල වී ඇති පසුබිමක ඉතා සූක්ෂම ලෙස කඩිමුඩියේ ඉදිකර ඇති බවත් මෙම ඉදිකිරීම පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කර අතුරු තහනම් නියෝගයක් ලබාගෙන විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය ,
මෙම ගැටළුව පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් අප සිදු කළ විමසමකට ඔවුන් කියාා සිටියේ අනවසරයෙන් හා අන්තරාදායක ලෙස ඉදිකරන ලද අදාළ ගොඩනැගිල්ල පිළිබඳ පැමිණිලි රැසක් මේ වන විටත් පැමිණ ඇති අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන බවයි .
