සජබ ගලගෙදර සංවිධායක ලේස මහාචාර්ය උපුල් දිසානායක පත්වේ

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

එස් . කේ . සමරනායක

සජබ එජාප එකතු වීමට දැන් ඇත්තේ නායකයින් දෙපළ එක මේසයකට පැමිණ එකට ජනතාව ඉදිරියේ එකමුතුව රටට ප්‍රකාශ කිරීම පමණක් බවද එසේ නොමැති කුමන එක් වීමකින්වත් පක්ෂ දෙකෙහිම පාක්ෂිකයින්ටත් රටටත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ගලගෙදර ආසන සජබ සංවිධායක මහාචාර්ය උපුල් දිසානායක මහතා පවසයි .

සජබ එජාප නායක දෙපළ එකතු වී දෙන පණිවිඩය තුලින් බෙදී වෙන්වී ගිය මේ විශාල කඳවුර පහසුවෙන් එක් වෙන බවත් එම එකතුව මේ රටේ ඊළඟ දැවැන්ත දේශපාලන පෙරළිය සිදු කරනු ඇති බවත් ඒ නිසා නොලහා පක්ෂ දෙකෙහි නායකයින්ගෙන් එක් වන ලෙස ඉල්ලා සිටින බවද එම එකතුව වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට තමන් සූදානම් බවද ඒ මහතා පැවැසිය .

2026/05/21 දිනයෙදි පස්වරුවේ මහනුවර ඩෙවොන් හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවැසිය .

වෙන්වී ගිය පාර්ශව දෙකක් එක් වීමේදී අනුගමනය කළ යුතු මූලික කරුණු දෙස පමණක් බැලිය යුතු බවද පාර්ශව දෙකෙහිම අභිමානය ආරක්ෂා වන අයුරින් පොදු එකඟතාවක් අනුව එය කළ හැකි බවද දේශපාලන කඳවුරු එක් වීමේ සාර්ථක අත් දැකීම් ලෝක දේශපාලනයේ ඕනෑ තරම් තිබෙන බවද උපුල් දිසානායක මහතා පැවැසිය .

දේශපාලන කළ යුත්තේ ජනතාවගේ සිතුම් පැතුම් වටහා ගෙන බව තමා මැනවින් අවබෝධ කර ගෙන සිටින බවද එවැනි අවබෝධයක් නොමැතිව කරන දේශපාලනයෙන් කිසිවෙකුට සෙතක් නොවන බවද මෙහිදී පැවැසූ සංවිධායක වරයා වත්මන් ආණ්ඩුව සිදු කරන ජනතා ද්‍රෝහී ක්‍රියාවන් පිළිබඳව අවධියෙන් සිටින ජනතාවට නායකත්වය සැපයීමට දේශපාලඥයින් වශයෙන් අප කටයුතු කළ යුතු බවද පැවැසිය

සජිත් ප්‍රේමදාස මහතා දුර්වල නායකයෙකු ලෙස සමාජ මතයක් ගොඩ නැගෙමින් පවතින බවත් සජබ සංවිධායක වරුන් ඊට හරි හැටි පිළිතුරු නොදෙන ආකාරය පෙනී යන බවත් මෙහිදී මධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් මතු කළ අතර ඊට පිළිතුරු දුන් උපුල් දිසානායක මහතා සදහන් කළේ ලොව බොහෝ රටවල සාර්ථක නායකයින් ඉලක්ක කර ගෙන මෙවැනි දේ සිදු වන බවත් සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් ඔහුගේ ප්‍රතිරූපය බිද දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ය.ගොබෙල්ස් න්‍යායෙන් සිදු වන එම කුමන්ත්‍රණය පරාජය කිරීමට සියළු දෙනා එකතු වී පුළුල් යාන්ත්‍රණයක් දියත් කළ යුතු බවත් ය.

“හොඳ වෙලාවට අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට වංචා දූෂණ චෝදනා එල්ල වී නැහැ.එසේ වූවානම් තත්වය මීට වෙනස් වෙන්න තිබුණා”

සජිත් ප්‍රේමදාස මහතා සෑම අංශයක් පිළිබඳව මනා දැක්මක් සහිත රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙකු බව ඔහු ඇසුරු කරන ඕනෑම අයෙකුට කෙටි කලකින් තේරුම් යනු ඇති බවද විවිධ දේශපාලන නායකයින් ඇසුරු කළ තමා ඒ බව මැනවින් අවබෝධ කර ගෙන සිටිනවා.යැයිද උපුල් දිසානායක මහතා පැවැසිය .

පලාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව දිගින් දිගටම කල් මරමින් සිටින බවක් පෙනී යන බව මෙහිදී මාධ්‍යවේදීයෙකුගෙන් ප්‍රශනයක් යොමු වූ අතර ඊට පිළිතුරු දෙමින් මහාචාර්ය උපුල් දිසානායක මහතා සදහන් කළේ තමන්ගේ දේශපාලන විඥානය අනුව ආණ්ඩුව මේ මොහොතේ පලාත් සභා මැතිවරණ නොපවත්වන බවත් රට තුළ ආණ්ඩුවට ඇති ජනතා අප්‍රසාදය හා ඩයස්පෝරවට ලබා දුන් පොරොන්දු පලාත් සභා හරහා ක්‍රියාත්මක කිරීමට සිදු වීම යන කාරණා දෙක සැලකිල්ලට ගෙන ඔවුන් පලාත් සභා මැතිවරණය මේ මොහොතේ නොපවත්වා එළඹෙන ජනාධිපති වරණයට පෙර රටේ ජනමතය විමසා බැලීම සදහා පමණක් එම මැතිවරණ පවත්වනු ඇති බවත් ය.

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් රජයට අයත් මල්වානේ නිවස අත් පත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් උපුල් දිසානායක මහතාගෙන් අදහස් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් හෙතෙම සදහන් කළේ මෙය රටේ නීතිය අවභාවිතා කිරීමක් බවයි.සිසුන් ලවා මේ සිදු කළ දේ ඉතාම නරක වැරදි පූර්වාදර්ශයක්.රටක මේවා නොවිය යුතුයි.සිසුන් මේ නිවස බලහත්කාරයෙන් අල්ලා ගත් මොහොතේ වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට තිබුණා.කුමන හේතුවක් නිසාවත් මෙවැනි දේ නොවිය යුතුයි.විශ්ව විද්‍යාල ඇතුළෙත් ඕනෑ තරම් ඔවැනි බලහත්කාර අත් පත් කර ගැනීම් තිබෙනවා.අපි එවැනි හැම අවස්ථාවකම එම ගැටළු විසදීම නීතියට භාර දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *