යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් ඇගයීමට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් 1999 ඔක්තෝබර් 10 වන දින එළිදැක්වූ යුද්ධ හමුදා ගීතය නිර්මාණය කළ ශිල්පීන් වන ගීතයේ ගී පද රචක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් තනු නිර්මාණය කළ ප්‍රවීණ සංගීතඥ අචාර්ය වික්ටර් රත්නායක සහ ගීතය නිර්මාණය කිරීමේදී මූලික සංකල්පය සහ සම්බන්ධීකරණය සිදුකළ විශ්‍රාමික මේජර් ජෙනරාල් එස්.ඩී. තෙන්නකෝන් යන අයවලුන් ඇගයීම සඳහා වූ උත්සවයක් ඉකුත්දා  (06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 

මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *