www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුද ගැටුම් තත්ත්වය දැඩි ලෙස හෙළා දකිමින් වහාම සටන් විරාමයක් අවශ්‍ය බව චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර තිබේ.
චීනයේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ වනවිට මුළු කලාපයම “ගිනිදැල්වලට හසුව ඇති” බවයි.
“මෙය කිසිදු පාර්ශවයකට වාසිදායක නොවන, සිදු නොවිය යුතුව තිබූ යුද්ධයක්,” යනුවෙන් ද ඔහු අවධාරණය කර ඇත.
පසුගිය පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ මෙම යුද ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න විය.
ඒ අතරතුර ඉරානය විසින් ඊශ්‍රායලය සහ ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිචාර දක්වමින් සිටියි.
එමෙන්ම ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ලෙබනනයටද ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චීනය මීට පෙර දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.
“ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නැහැ, කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. හිතුමනාපයට බලය පාවිච්චි කිරීමෙන් තමන්ගේ ශක්තිය ඔප්පු වන්නේ නැහැ.” යනුවෙන්ද වැන්ග් යී සඳහන් කර ඇත.
ඉරානයේ මීළඟ නායකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ ප්‍රකාශ පිළිබඳවද චීනය අප්‍රසාදය පළ කර තිබේ.
ඉරානය “කොන්දේසි විරහිතව යටත් විය යුතු” බවට කළ ප්‍රකාශයද චීනය විසින් විවේචනය කර ඇත.
මැදපෙරදිග කලාපයේ සැබෑ අයිතිය එහි වෙසෙන ජනතාව සතු බවත්, එරටවල අභ්‍යන්තර පාලනය තීරණය කළ යුත්තේ කලාපීය රටවල් විසින් ස්වාධීනව බවත් වැන්ග් යී වැඩිදුරටත් සඳහන් කර ඇත.
“කුමන්ත්‍රණ මගින් පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමට උත්සාහ කිරීම ජනතාව කිසිසේත් පිළිගන්නේ නැහැ,” යනුවෙන්ද ඔහු අවධාරණය කර තිබේ.
