උණුසුම තවත් ඉහළට – 2024 මැයි 04

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමු කළයුතු මට්ටමක පැවතීමේ හැකියාව ඇති බව සඳහන්.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිය හැකි බවයි සඳහන් වන්නේ.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *