වෛරස් ප්‍රභේදයක ව්‍යාප්තියක් – මුඛ ආවරණ පළඳින්නැයි සෞඛ්‍ය අංශ වෙතින් දැනුවත් කිරීමක් – 2024 මැයි 04

උතුරුමැද පළාත ඇතුළු රට පුරා උණ රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් කණ්ඩායම් වශයෙන් එක්වීම අවම කරන ලෙසත්, විශේෂයෙන් ජනාකීර්ණ ස්ථානවල නිරන්තරයෙන් මුඛ ආවරණ පළඳින ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෛරස් ආසාදනයක් හේතුවෙන් ඇති වන සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ සිරුරේ වේදනාව, බව අවධාරණය කරන ඇය, සාමාන්‍යයෙන් දින කිහිපයකින් තත්ත්වය උග්‍ර වන අතර, සමහර රෝගීන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් දිගුකාලීන ශ්වසන ගැටළු වලට මුහුණ දීමට සිදුවිය හැකි බව සඳහන් කළා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *