රටේ ඉදිරි තත්ත්වය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි මැතිවරණයට පෙර හෝ පසුව මෙතෙක් අත්කරගත් රජයේ ආදායම් වැඩිකර ගැනීම ඇතුළු රාජ්‍ය මුල්‍ය අංශයේ ප්‍රගතිය ආපසු හැරවීමට ක්‍රියා කළහොත් එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අඩාල කර, ආර්ථිකය අස්ථාවර කිරීමට හේතුවනු ඇතැයි මහ බැංකුව පවසනවා.

ඉන් 2022 වසරේ ඇති වූ සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට වඩා දරුණු අර්බුදයක් ඇති වීමට හේතුවනු ඇති බවයි, මහ බැංකුව පවසයි.

මේ නිසා මැනවින් රාජ්‍ය මුල්‍ය කලමනාකරණය කිරීම සහ දිගු කලෙක සිට කළ යුතුව ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ උදෙසා සිය ප්‍රයත්න අඛණ්ඩව පවත්වා ගෙන යාමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා.

මහ බැංකුව නිකුත් කළ පළමු වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ මේ බව දැක්වෙන්නේ.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *