විවාද දෙකටම අපි සූදානම් , රටට වැඩක් කරන්නත් අපි සූදානම් – සජිත්

ජාතික ජන බලවේගය විසින් ආර්ථික කමිටුවේ විවාදය වෙනුවෙන් පැකිලීමක් ඇති බවක් පෙනෙන්නට තිබෙන නමුත් සමගි ජන බලවේගය කණ්ඩායමක් ලෙස විවාද දෙකටම සූදානම් බවත් ඒ සඳහා මැයි මාසයේම මේ විවාද දෙකටම දින යොදා ගන්නා ලෙසත්
විපකෂ නායකවරයා පැවසිය

රට ගොඩනගන සත්‍යවාදී යථාර්ථවාදී දත්ත කේන්ද්‍රීය ආර්ථික දැක්ම හා සැලසුම ඇති කණ්ඩායම ඇත්තේ සමගි ජන බලවේගයට බවත් සමගි ජන බලවේගයට සිටින්නේ කරන දේ කියන කියන දේ කරන කණ්ඩායමක් බැවින් මේ විවාද දෙකම මැයි මාසයේ කරනා ලෙසත් ඊට අමතරව රටට වැඩක් කිරීමට ද එන ලෙස ජාතික ජන බලවේගයට අභියෝග කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 170 වැනි අදියර යටතේ අද ගම්පහ මීරිගම අලිගාර් ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *