යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්‍රදානය කර තිබේ.

ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත මෙම බහුමාන පිරිනමා ඇත.

නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වය සහ උත්කෘෂ්ට තත්ත්වයන් ප්‍රදර්ශනය කොට ඇති උපදේශන නීතිඥවරුන් වශයෙන් වෘත්තියෙහි නිරත වන නීතිඥවරුන් විසින් සපයනු ලබන සේවාව අගය කරමින් 2023 අංක 26 දරන පනතට අනුව මෙම බහුමානය පිරිනැමීමට කටයුතු කර තිබේ.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *