ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 70 වන සංවත්සරික උත්සවයBBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com


ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

වර්ෂ 70 ක් සපිරූ ශ්‍රී ලංකාවේ එකම මාධ්‍ය සංවිධානය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 70 වන සංවත්සරික උත්සවය හා ඩී.එෆ්. කාරියකරවන මාධ්‍ය උපහාර උත්සවය එළැඹෙන 26 වන බදාදා පස්වරු 07 ට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ ග්‍රෑන්ඩ් බෝල් රූම් හීදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.

මෙදින ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වන අතර මෙවර සමරු උත්සවය ආරාධිතයින්ට පමණක් සීමා කොට ඇත.

මෙවර උත්සවයෙහි විශේෂත්වයක් වන්නේ පෙර වර්ෂයන්හි මෙන්ම මෙවරද ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හා විවිධ ක්ෂේත්‍රයන්හි ජ්‍යෙෂ්ඨයින් 10 දෙනෙකු සදහා මූල්‍ය පරිත්‍යාගයන් සමගින් උපහාර පිරිනැමීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *